මහර බන්ධනාගාරයේ ගින්නක් (VIDEO)

November 29, 2020 at 9:51 PM

මහර බන්ධනාගාරය තුල ගින්නක් හට ගෙන තිබෙනවා බව එම බන්ධනාගාරය ආසන්නයේ පදිංචිකරුවන් සඳහන් කර සිටිනවා.

බන්ධනාගාරයේ රැඳවියන් විසින් අද පස්වරුවේ ඇති කළ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරිමට බන්ධනාගාර නිලධාරීන් විසින් සිය බලය යොදා තිබෙන අතර ඉන් එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ වන විට බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කිරීම සඳහා අමතර පොලිස් සහ විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් කිහිපයක් කැඳවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.