ධිවර දැලක සිරවූ කැස්බෑවන් 08 ක් නාවික හමුදාව බේරා ගැනේ

November 29, 2020 at 12:55 PM

නාවික හමුදාව විසින් මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී ධීවර දැලක සිරවී සිටි කැස්බෑවන් අටදෙනෙකු නිදහස් කර මුදාහැරීමට ඊයේ කටයුතු කර තිබෙනවා.

උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම දකුණ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී, ධීවරයන් විසින් එලන ලද දැලක කැස්බෑවන් සිරවී සිටීන බව නිරීක්ෂණය කර තිබෙනවා. පසුව ධීවරයන්ගේද සහය ඇතිව එම ධීවර දැලෙහි සිරවී සිටී කැස්බෑවන් අට දෙනෙකු (08) ආරක්ෂිතව මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.