ණය ගනුදෙනුකරුවන්ට සහනයක්

November 29, 2020 at 10:28 AM

ණය ගනුදෙනුකරුවන්ට තම අයැදුම්පත් භාර දීමට ලබා දී තිබූ කාලය ලබන දෙසැම්බර් මස 10 වන දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ණය සහන යෝජනා ක්‍රමය යටතේ ණය සහන ලබා ගැනීමට සුදුසුකම් ලත් බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල ණය ගනුදෙනුකරුවන්ට මෙම අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.