කොරෝනා ආසාදිත වූ මවක් නිරෝගී දරුවෙකු බිහි කරයි

November 29, 2020 at 4:09 PM

කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වු වත්තල හැදල පදිංචි ගැබිනි මවක් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදි නිරෝගි දරුවෙකු ප්‍රසුත කර තිබෙනවා.

මීට දින කිපයකට ඉහතදි වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදුකරන ලද පීසීආර් පරික්ෂණයකදි කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වු 32 හැවිරිදි තරුණ ගැබිනි මව ප්‍රථිකාර සදහා කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අදාල මව මෙ වන විටත් ප්‍රථිකාර ලබමින් සිටින අතර දරුවට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි යු .ඇසින්තා සඳහන් කර සිටින්නේ.

( “ලංකාදීප” වෙබ් අඩවිය)