ගිනිකොණ දිග බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක් : උතුරු වෙරළ කලාපයට බලපෑම් එල්ලවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

November 28, 2020 at 5:11 PM

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රකාශය ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

ඉදිරි පැය 48 ඇතුලත දී එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර ඉන් පසුව තව දුරටත් වර්ධනය වී බස්නාහිර දෙසට ගමන් කොට දිවයිනේ උතුරු වෙරළ දෙසට ලඟාවීමට වැඩි හැකියාවක් පවතී.

ඉදිරි දින කිහිපයේදී මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වී දිවයිනේ සහ දිවයින අවට මුහුදු කලාපයේ කාලගුණ තත්ත්වයට බලපෑම් ඇති කෙරෙනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

පවතින තත්ත්වය මත නැවත දැනුම් දෙන තුරු නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවූක කටයුතු වලින් වැලකි සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.