අටුළුගම ජනතාව ව්‍යාජ තොරතුරු ලබා දෙමින් නිලධාරීන් නොමග යවනවා : ඉදිරියේදී සැලසුම් වෙනස් කිරීමට සිදුවන බව යුද හමුදාපති කියයි

November 28, 2020 at 2:20 PM

අටුළුගම ප්‍රදේශයේ බොහෝ දෙනා ව්‍යාජ තොරතුරු ලබා දී නිලධාරින් නොමග යැවිමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මේ අතර ලබන සදුදා දින දක්වා හුදෙකලා කර ඇති ප‍්‍රදේශ තවදුරටත් එළෙසින්ම පවත්වාගෙන යන්නේ ද පිළිබද අද දිනයේදී තීරණය කරන බවයි යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

බොරු ලිපිනයන් ලබා දීම්, නිලධාරින් නිවාසවලට ගියවිට මගහැරීම් ,පි.සි.ආර් පරික්ෂණ වලට සහභාගී නොවීම් වැනි දෑ සිදු කරමින් නිරෝධායන නීතිවලට පටහැනිව ජනතාව ක්‍රියා කරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

එසේ නොකර සියලු දෙනාගේ ආරක්ෂාව උදෙසා වගකීමෙන් සහය ලබාදෙන මෙන් තමන් කාරුණිකව ඉල්ලා සිටින බව ද නිවාසවලට පැමිණ හොරු අල්ලනවා සේ මෙම කාර්ය කළ නොහැකි බවද හමුදාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

පසුගිය දින කිහිපයේදීම එම ජනතාව මෙම කාර්යයේදී දැක්වු සහය අවම බවත්,උණ රෝගයෙන් පෙලෙන සංඛ්‍යාවෙන් හරි අඩක්වත් මෙම පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවූ බවත් යුද හමුදාපතිවරයා සඳහන් කර සිටිනවා.

ඉදිරියටත් මෙය මෙසේ සිදුවුහොත් හුදකලා කිරිමේ කාර්ය සැලකියයුතු කාලයක් කිරිමට සිදුවන බවත් එමෙන්ම ඉදිරියේදී වෙනත් ක්‍රමවේදයක් භාවිත කරමින් මෙම කටයුතු සිදුකිරිමට සැලසුම් කරඇති බවද යුද හමුදාපතිවරයා කීවේය.

මෙම සිදුවීම ඉතාමත් අවාසනාවන්ත යැයිද පැවසු යුද හමුදාපතිවරයා ⁣සෞඛ්‍ය පිලිබද මෙවැනි ගැටලුවකදි සහයෝගය දක්වමින් ,වගකීමෙන් කටයුතු කර ජනතාව ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් විය යුතුයැයිද සඳහන් කර සිටියා.

( මුලාශ්‍ර : නෙත් නිව්ස් සහ ලංකාදීප වෙබ් අඩවියෙන්)