සියලු පාසැල් විවෘත නොවුනොත් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවනවා – අධ්‍යාපන ඇමැති

November 28, 2020 at 3:04 PM

ඉදිරියේදී රටේ සියලු පාසල් විවෘත කිරීමට නොහැකි වුවහොත් අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

“දැනට තිබෙන තත්ත්වය තමයි. සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කරලා තියෙනවා. 2021 ජනවාරි මාසේ 18 වනදා සිට 27 වනදා දක්වා. තව සතියක් දෙකක් තුළ අපිට පාසල් විවෘත කිරීමේ අසීරුතාවයක් තියෙනවා නම් අකමැත්තෙන් හෝ අපිට තීරණයක් ගන්න වෙනවා, ඒ විභාගය කල්දැමීමට. ඒ ගැන තාම තීරණයක් අරන් නෑ. සතියක් තුළ තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෞඛ්‍ය විශේෂඥයින් උපදෙස් දීලා තියෙනවා පාසල් ආරම්භ කළත් ඉතා ඉක්මණින් ක්‍රීඩා කටයුතු ආරම්භ කරන්න එපා කියලා. ඒකට පැහැදිළි හේතුව සමාජ දුරස්ථභාවය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම,” යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේ.