වෛද්‍ය අනිල් ජාසිංහට කොවිඩ් කමිටුවට එන්නැයි ආරාධනා කර නැහැ

November 28, 2020 at 1:25 PM

කොවිඩ් මර්ධන වැඩපිළිවලට විශාල දායකත්වයක් ලබා දුන් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට මේ වන තෙක් කොවිඩ් මර්ධන කමිටු රැස්වීම සඳහා සහභාගී වීමට කැඳවීමක් සිදුකර නොමැති බව ” ඉරිදා ලංකාදීප” පුවත්පත වාර්තා කර සිටිනවා.

පළමු කොරෝනා රැල්ලේදී ඉන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා රජය රැගෙන ගිය වැඩපිළිවෙලේ දී සෞඛ්‍ය කේෂ්ත්‍රය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සිදුකළ මෙහෙය ඉතා ප්‍රශංසනිය වූ අතර ඔහු පසුව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබුවා.

කොවිඩ් මර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබාදුන් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වත්මන් කොවිඩ් රැල්ල මර්ධනය කිරීමට කැඳවීමට ක්‍රියා නොකරන්නේ මන්ද යන්න සම්බන්ධයෙන් විපක්ෂය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ අනිල් ජාසිංහ විශේෂඥ වෛද්‍යවරයාව ඉදිරි කොවිඩ් මර්ධන කමිටු රැස්වීම සඳහා කැඳවන බවයි.

කෙසේ වුවත් ලංකාදීප ඉරිදා පුවත්පත වාර්තා කර සිටියේ මේ දක්වා එවැනි ආරාධනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකර නොමැති බවට එහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටින බවයි.