මියගිය මැරඩෝනාගේ මුහුණ මත අත තබා සෙල්ෆි ජායාරූපයක් ගත් අවමංගල සේවකයාට මරණ තර්ජන

November 28, 2020 at 11:44 AM

පාපන්දු ශූර දියාගෝ මැරඩෝනාගේ සිරුර විවෘත මිනීපෙට්ටියක තැන්පත් කර තිබෙන අවස්ථාවේ දී ඔහුගේ මුහුණ මතට අත සෙල්පි ඡායාරූපයක් ගත් අවමංගල සේවකයා රැකියාවෙන් පහකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඩියාගෝ මොලිනා නමැති එම අවමංගල සේවකයා සිය අතක් මැරඩෝනාගේ මුහුණ මත තබා සෙල්පි ජායාරූපයක් ගෙන තිබු අතර මෙම ඡායාරූපය සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟම ඔහුට මරණ තර්ජන පවා එල්ල වී තිබෙනවා.

එම සෙල්පි ඡායාරූප මැරඩෝනාට සිදු කළ අවමානයක් බව ඔහුගේ අනුගාමිකයෝ පවසනවා.

මෙම සිද්ධිය ගැන කණගාටුව පළ කළ අවමංගල සමාගම ඔහුගේ අනුගාමිකයින්ගෙන් සමාව අයැද ඇති අතර මැරඩෝනාගේ සිරුර සකස් කිරීම සඳහා භාරව සිටි අවමංගල කණ්ඩායමට මොලිනා නමැත්තාද සම්බන්ධ වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එහෙත් ඔහුගේ අනුගාමිකයන් මුහුණු පොත ඔස්සේ තර්ජනය කරමින් මොලීනා මිය යා යුතු බවත් තර්ජණය කර සිටිනවා.