නිරෝධායන රෙගුලාසි කැඩූ පුද්ගලයෙකුට දැඩි අවවාද (VIDEO)

November 28, 2020 at 5:35 PM

නිරෝධායන නීති කැඩූ කෝරලේවත්ත ප්‍රදේශයේ කුලී පදනම මත රැදී සිටින පුද්ගලයෙකුට දැඩිලෙස අවවාද කර නැවත නිරෝදායනයට යොමු කර තිබෙනවා.

බඩල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලා සේවිකාවක් කොරෝනා ආසාධිතයෙක් ලෙස හදුනාගැනීමත් සමග එම ආසාදිතයාගේ පලමුපෙල ආශ්‍රිතයෙක් වන කාන්තාවක් සහ ඇගේ සැමියා අද දිනයේ කොරලේවත්ත ප්‍රදේශයේ ඔවුන් ජීවත්වන කූලී නිවසේ නිරෝදායනයට ලක් කර ඇත.

එම නීති පිලිනොගෙන එම නිවසේ පිරිමි පුද්ගලයා අද දිනයේ සියරැකියාවට ගොස් ඇතිබව වාර්ථාවීමත් සමග එම ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නාලක රාජපක්ෂ හා පන්නල පොලිසියේ නිලධාරියෙකු සහ ග්‍රාමනිලධාරීවරයාගේ මැදිහත්වීමෙන් එම පුද්ගලයාට දැඩිලෙස අවවාද කර නැවත නිවෙස් නිරෝදායනයට යොමුකර ඇත.

මෙම පුද්ගලයා බීමත්ව සිටි බැවින් මෙම කටයුත්ත සදහා දැඩි පරිශ්‍රමයක් මෙම මහත්වරුන්ට දැරීමට සිදුවිය.

වීඩියෝව පහතින් :

https://fb.watch/21ZKCyVSKh/