නාමල් කෝ ? විපක්ෂය අසයි

November 28, 2020 at 1:50 PM

අයවැය විසර්ජන පනත් කෙටුම්පත් විවාදයේ දී අද (28) විවාදයට ගැනුණු ක්‍රීඩා අමාත්‍යාංශය වැය ශීර්ෂය විවාදයට විෂය භාර අමාත්‍ය නාමල් රාජපක්ෂ සහභාගී වී නොසිටීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප වතාවක්ම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබුවා.

විවාදය ආරම්භයේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියා.

මේ අවස්ථාවේදී කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අසනීප තත්ත්වයෙන් පසුවූ බවට දැනුම් දී සිටිය බවත් මේ වන විට අද දිනයේදී පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වනවාද යන්න ගැන දැනුම් දීමක් සිදුකර නොමැති බවයි.

ඉන්පසු යළිත් දිවා භෝජනයට ටික වේලාවකට පෙර සභාව ඇමතූ විපක්ෂයේ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් තමාට ක්‍රීඩාව සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට තිබෙන බවත් එය ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරියේ කළ යුතු බැවින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කොහේදැයි ප්‍රශ්න කරනු ලැබුවා.