දෙවන කොවිඩ් රැල්ලේ මරණ 94ක් : අවුරුදු 71කට වැඩි පුද්ගල මරණ 40ක් ඒ අතර

November 28, 2020 at 10:21 AM

මෙරට ව්‍යාපත් වෙමින් පවතින දෙවන කොරෝනා රැල්ලෙන් මේ වන විට කොවිඩ් ආසාදිත මරණ 94ක් වාර්තා වී ඇති බව කොවිඩ් -1 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඊයේ දිනය වන විට මෙරටින් වාර්තා වූ සම්පුර්ණ කොවිඩ් ආසාඩිත මරණ සංඛ්‍යාව 107ක්.

වාර්තා වූ මරණ වලින් 40 දෙනෙකු වයස අවුරුදු 71කට වැඩි පුද්ගලයින් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 42.55% ක් වනවා.

මීට අමතරව වයස අවුරුදු 61-70 අතර පුද්ගල මරණ 20ක් (21.27%) , අවුරුදු 51-60 අතර පුද්ගල මරණ 16 (17.02 %), අවුරුදු 41-50 අතර පුද්ගලයින් 11ක් (11.70%) වාර්තා වී ඇත.

මේ අතර වයස අවුරුදු 31-40 අතර පසුවන පුද්ගල මරණ 4ක් (4.25%) සහ අවුරුදු 10-30 ත් අතර පසුවූ පුද්ගල මරණ 3ක් (3.19%) වාර්තා වී ඇති එම එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.