අක්කරෙයිපත්තුව ලෝක්ඩවුන් : කොවිඩ් ආසාදිතයින් 31ක් වාර්තා වෙයි

November 27, 2020 at 12:50 PM

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 559 දෙනාගෙන් 253 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 8,575ක්.

මේ අතර ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 65ක් වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයේ ආසාදිතයින් 5,802ක් වාර්තා වී ඇත.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 33ක් වාර්තා වී ඇත.

මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 31ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇත. මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රදේශය හුදෙකලා කිරිමට පියවර ගෙන ඇති බවයි පළාත් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් වාරතා වූ ප්‍රදේශ පහතින් : දෙමටගොඩ 50, ග්‍රෑන්ඩ්පාස් 40, කොටහේන / බ්ලුමැන්ඩල් 39, අලුත්කඩේ 20, බොරැල්ල 22, මට්ටක්කුලිය 17, කොම්පඤ්ඤ වීදිය 15, කොටුව 07, කොල්ලුපිටිය 07, බම්බලපිටිය 01, කිරුලපොන 06, වැල්ලවත්ත 02, කුරුඳුවත්ත 01 , මරදාන 07, හෝමාගම 01, කොහුවල 02, මාලිගාකන්ද 01, පාදුක්ක 02, පිළියන්දල 03, වැල්ලම්පිටිය 02, අංගොඩ 01, බොරලැස්ගමුව 01, කෙසෙල්වත්ත 01, මොරටුව 02, රාජගිරිය 01 සහ රත්මලාන 02.

ගම්පහ දිස්ත්‍රික්කය :

කඳාන 09, කටාන 03, මිගමුව 03, රාගම 07, සපුගස්කන්ද 04, සීදුව 08, වත්තල 20, ගණේමුල්ල 01, කඩවත 01, කිරිබත්ගොඩ 03, මීරිගම 01, පෑලියගොඩ 04 සහ යක්කල 01ක් ලෙස ආසාදිතයින් වාර්තා වෙයි.