කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ PCR පරීක්ෂණය නිකුත් වෙයි

November 26, 2020 at 9:15 PM

අද උදෑසන ව්‍යායාම් කරමින් සිටියදී හදිසියේ ඇතිවූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් ගාලු මුවදොර පිටියේදී මියගිය කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ සිදුකළ PCR පරීක්ෂණයේ ප්‍රථිපල අනුව මියගිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි.