මේක ජාතික අපරාධයක් : වනජීවී නිලධාරීන් සහ ඇමතිවරයෙක් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව (VIDEO)

November 26, 2020 at 6:07 PM

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ වනජීවි නිලධාරීන් පිරිසක් අතර, ගැටලුවක් නිරාකරණය කරගැනීමට යෑමේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබෙනවා.

පොළොන්නරුව ජලගැළුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට හා කිරි ගවයින්ට තෘණ ආහාරයට ගැනීම සඳහා ඉඩ ලබාදෙන ලෙස එය ආසන්නයේ පිහිටා ඇති තඹාල හා වෙහෙරගොඩයාය ප්‍රදේශවල ගම්වාසීන් ඉල්ලීමක් කර තිබේ. ඊට වනජීවි නිලධාරීන් විරුද්ධවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය.

ඇමතිවරයා සහ වනජීවී නිලධාරීන් අතර උණුසුම් වාතාවරණයක් ඇතිවුයේ මේ අයුරින්.