මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර 18,000 ඉක්මවයි

November 26, 2020 at 6:19 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 342ක් අද දිනයේදී මේ දක්වා හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ ආසාදිත පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21,811ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 15,816ක්. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,995ක්.

මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වූ කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,280ක් දක්වා ඉහළ ගොස් ඇත.