පැන යන්න කොවිඩ් රෝගියාට පහරදුන් හෙද නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට

November 26, 2020 at 12:40 PM

පොලොන්නරුව වැලිකන්ද විශේෂ කොරෝනා ප‍්‍රතිකාරය ඒකකයේ ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගියකුට පහරදීමක් සම්බන්ධයෙන් එම ප‍්‍රතිකාර ඒකකයේ පිරිමි හෙද නිලධාරියකු ඊයේ අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය උපුටා දක්වමින් “දිවයින” වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

මෙසේ ප‍්‍රතිකාර ලැබූ කොරෝනා රෝගියා රාජාංගනය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක තරුණයකු වන අතර ඔහු ඉකුත් 24 වැනිදා රාත‍්‍රී පැනයෑමට උත්සාහ දරද්දී රෝගියා අල්ලා ගැනීම සඳහා ඔහු සමග ඇතිවූ පොර බැඳීමක දී සිදු වූ පහරදීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව වැලිකන්ද පොලිසිය මගින් මෙම හෙද නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇති හෙද නිලධාරියා වයස අවුරුදු තිහක් වයසැති අම්බලන්තොට ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වැලිකන්ද පොලිසියේ ප‍්‍රකාශකයකු පැවසුවේ 24 වැනිදා රාත‍්‍රී 11.00 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති බවයි. වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිිදු කරයි.

(උපුටා ගැනීම : දිවයින පුවත්පත)