ජනවාරි 18 සාමාන්‍ය පෙළ විභාගය පවත්වනවාද ? තීරණය ගන්නා දිනය අධ්‍යාපන ඇමති කියයි

November 26, 2020 at 3:22 PM

සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 18 වන දා සැලසුම් කළ පරිදි ආරම්භ කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුළ තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තෙවැනි පාසල් වාරය සඳහා පාසල් විවෘත කර අදට දින 03ක් ගත වී ඇති බවත් පාසල් ආරම්භ කළ පළමු දිනයේ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 33%ක් බවත්, 24 වන දා 44%ක් සහ ඊයේ දින‍යේදී එය 51 % ක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් කළේ.

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමේදීද මෙම අභියෝගයට මුහුණ දුන් බවද එහෙත් දෙවතාවක් ප්‍රමාද වූ උසස් පෙළ විභාගය බාධක හමුවේ වුවද පැවැත්වීම සම්බන්ධයෙන් අද එම දෙමව්පියන්ගේ ප්‍රශංසාව හිමි වී ඇතැයි සඳහන් කළේ. 05 වසර ශිෂ්‍යත්ව විභාගය පවත්වා දින 33 පසු එහි ප්‍රථිඵල නිකුත් කිරීමට හැකි වූ බවද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නා.