කල්මුණේ සියලු පාසැල් වසා දැමේ

November 26, 2020 at 2:19 PM

කල්මුණේ අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසැල් සතියක කාලයක් වසා දැමීමට තීරණය කළ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් ප්‍රකාශ කර සිටිනවා.

නැවත පාසැල් විවෘත කරනු ලබන දිනය සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි ආණ්ඩුකාරවරිය සඳහන් කළේ.

කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.