අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 559ක් : සමස්ත ආසාදිතයින් ගණන 22,000 ඉක්මවයි

November 26, 2020 at 10:14 PM

අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 559 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 22,028ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 15,816ක්. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,212ක්.

මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වූ කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,491ක් දක්වා ඉහළ ගොස් ඇත.