රාජ්‍ය ආයතනයක නිලධාරියෙකු කාර්යාලය තුලදී සිදුකළ පහරදීම (VIDEO)

November 24, 2020 at 5:32 PM

ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ සේවය කරනු ලබන සේවිකාවකට එම කාර්යාලයේ කළමනාකාරුවෙකු විසින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා. මෙම සිදුවීම ඊයේ දිනයේදී සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

දුරකථන අංකයක් සොයා දෙන ලෙස තමන්ට මෙම ඉහළ නිලධාරියා පැවසූ බවත් එය මිනිත්තු 05ක කාලය තුලදී ඉටුකළත් අදාළ නිලධාරියා තමන්ට දෝශාරෝපණය කළ බවත් ඔහු නිරන්තරයෙන්ම තමන්ව මානසිකව හිංසනයට ලක් කරන බවට එම සේවිකාව මෙම වීඩියෝ වෙන් චෝදනා කරන අයුරු අසන්නට ලැබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම සේවිකාව සිය ඉහළ බලධාරීන්ට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ එම විඩියෝවයි…

https://fb.watch/1YHYtgYAJj/