සරසවි සිසුන්ගේ ඉදිරි විභාග අන්තර්ජාලය ඔස්සේ : විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති කියයි

November 24, 2020 at 10:44 PM

විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉදිරි විභාග අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා වන ක්‍රමවේදය සතියක් ඇතුළත නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා.

අන්තර්ජාලය ඔස්සේ විශ්ව විද්‍යාලවල විභාග පැවැත්වීම සිසුන්ට නුහුරු කටයුත්තක් බැවින් ඒ පිළිබඳ කරුණු ඇතුළත් කරමින් අදාළ ක්‍රියා පටිපාටිය මෙමගින් එළිදක්වන බව ද මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කර සිටියේ.

මෙවර විශ්ව විද්‍යාලවලට බඳවාගැනීම් කටයුතු ද අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීම ආරම්භ වී ඇතැයි කී මහාචාර්යවරයා එලෙස බඳවාගන්නා අන්තර්ජාලය ඔස්සේ ඉංග්‍රීසි හා තාක්‍ෂණ විෂයන් ඉගැන්වීම දෙසැම්බර් මුල සිට ආරම්භ කරන බවත් රාජ්‍ය බැංකු මගින් ණය යෝජනා ක්‍රමයක් යටතේ ඔවුන්ට අවශ්‍ය පරිගණක ලබාදීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බවද අද පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.