ව්‍යාජ අමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 372ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

November 24, 2020 at 7:17 AM

ව්‍යාජව සකස් කරන ලද අමෙරිකානු ඩොලර් නෝට්ටු 370 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කන්තලේ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බණ්ඩාරවෙල හා ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 සහ 48 වියේ පසුවන සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස්ස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම සැකකරුවන් දෙදෙනා සතුව තිබී ව්‍යාජව මුද්‍රණය කළ අමෙරිකානු ඩොලර් 100 මුදල් නෝට්ටු 372ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.