වත්තල කම්කරු නිවාස සංකීර්ණයක 35 කට කොරෝනා : කොළඹ ආසාදිතයින් ගණන 7000 ඉක්මවයි

November 24, 2020 at 11:35 AM

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 35 දෙනෙකු හඳුනා ගැනීමත් සමග වත්තල, පල්ලිය පාරේ පිහිටි කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මේ අතර ඊයේ දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් 337 දෙනා ගෙන් 189 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව දෙවන කොරෝනා රැල්ලේ ව්‍යාප්තිය සමග කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,022ක්.

එලෙස වාර්තා වූ ආසාදිතයින් 68 දෙනෙකු අළුත්කඩේ පොලිස් බලප්‍රදේශයෙන් වාර්තා වී ඇත. මිට අමතරව කොළඹ 13 ප්‍රදේශයෙන් ආසාදිතයින් 22ක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 25ක්, කොළඹ 15 ප්‍රදේශයෙන් 19ක්, දෙමටගොඩ 15ක්, බොරැල්ල 14ක්,
කිරුළපොන 5ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 22 ක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඊට අමතරව මිනුවන්ගොඩ සහ මීගමුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 05 දෙනා බැගින් වාර්තා වී ඇත.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,597ක් වනවා.

ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ 11ක්, කුරුණෑගල 6ක්, නුවරඑලිය 11ක්, රත්නපුර 03ක්, පොළොන්නරුව / අනුරාධපුර /ගාල්ල/ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක මගින් එක් රෝගීයා බැගින්ද, කළුතර 06ක්, මහනුවර 08ක්, පොලිසියේ 33ක්, වෙනත් 17ක් සහ විදේශ ගතව සිට මෙරටට පැමිණි විදේශිකයින් 02ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.