රන්ජන් ගේ “ලොක්කා” නිසා පාර්ලිමේන්තුව උණුසුම් වූ හැටි (VIDEO)

November 24, 2020 at 11:05 PM

විපක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක අතර අද පාර්ලිමේන්තුවේ උණුසුම් කතාබහක් ඇතිවුවා.

රන්ජන් රාමනායනක මන්ත්‍රීවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධන හට ‘ලොක්කා’ යැයි ඇමතීමට විරෝධය පල කරමින් චාමර සම්පත් දසනායක මන්ත‍්‍රීවරයා කියා සිටියේ එවන් ක‍්‍රියා හේතුවෙන් පාර්ලිමේන්තුව හෑල්ලුවකට ලක් වන බවයි.

ඊට ප‍්‍රතිචාර දක්වමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් කථානායකවරයා ගෙන් සමාව ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තුවේ ලොක්කා කතානායකවරයා නිසා ඔහු තමන්ගේද ලොක්කා බවයි.