මුහුණ ආවරණ නොපැළදි, දුරස්ථභාවය කඩ කළ 62ක් අත්අඩංගුවට

November 24, 2020 at 7:49 AM

මුහුණු ආවරණ නොපැලදීම සහ පුද්ගල දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 62ක් ගෙවුණු පැය 24 කාලය තුළදී අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මේ අනුව ඔක්තෝබර් 30 දින සිට අත්අඩංගුවට පත් ගණන 527ක් බවද ඒ මහතා සඳහන් කළේ. මොවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත්සඳහන් කර සිටියේ.

මීට අමතරව බස්නාහිර පළාතෙන් පිටත පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේ දී නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු සිදුව තිබෙන බවට නිරීක්ෂණය වී ඇති බවත් සැම විටම පාසල් දරු දැරියන් ප්‍රවාහනයේ දී නිරෝධායන රීතීන් අනුගමනය කිරීමට කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කර සිටියා.