සමස්ත කොවිඩ් මරණ ගණන 94ක් දක්වා ඉහලට

November 24, 2020 at 9:59 PM

මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේ දී වාර්තා වූ පුද්ගල මරණ 04ක් සමග බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ.

අද වාර්තා වූ මරණ අතර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රාගම රෝහලට මාරුකොට යැවු 74 හැවිරිදි පුද්ගලයෙකු ද වනවා.

මීට අමතරව අටලුගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුදගලයෙකුද මියගොස් ඇත.