පිල්ලෙයාන්ට ඇප

November 24, 2020 at 2:28 PM

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හට ඇප ලබාදී තිබෙනවා. මඩකලපුව මහාධිකරණය විසින් අද මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි නියෝග කර ඇත්තේ.

2005 වර්ෂයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ චෝදනාවට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

මේ සමග එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවූ තවත් සැකකරුවන් 05 දෙනෙකු හට ද ඇප ලබාදී ඇත.