අධිරාජ්‍යවාදීන් ඇඟ බද්ද ගැහුවා : ආණ්ඩුව දැන් මෙන්සස් බද්දක් ගහලා – සනීපාරක්ෂක තුවා බද්ද ගැන පාර්ලිමේන්තුවේ ඇසුණු කතා (VIDEO)

November 24, 2020 at 6:47 PM

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා යෝජිත සීයයට 15ක බද්ද ඉවත් කිරීමට කටයුතු කරන ලෙස කාන්තා මන්ත්‍රීවරියන් වන ඩයනා ගමගේ සහ රෝහිණි කවිරත්න රජයෙන් අද ඉල්ලා සිටියා.

මෙරට ජනගහණයෙන් සීයයට 52ක් කාන්තාවන් බවත් මෙලෙස සනීපාරක්ෂක තුවා සඳහා බදු ගැසීම සුදුසු නොවන බවයි මන්ත්‍රීවරියන් දෙදෙනා සඳහන් කර සිටියේ.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ සඳහන් කර සිටියේ කාන්තාවන්ට සහ පාසැල් යන ළමුන්ට වඩාත් වැදගත් තමන්ගේ ආරක්ෂාව බවත් වත්මන් රජය මේ වන විට එය සාර්ථකව ඉටුකර ඇති බවයි.