අකුරණ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කරයි

November 24, 2020 at 4:44 PM

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් අද පස්වරු 6.30 සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

අකුරණ ප්‍රදේශයේ පිහිටි බුළුකොහොතැන්නල සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙක මෙසේ හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත්තේ හුදෙකලා කොට ඇති ප්‍රදේශවල සිට එම ප්‍රදේශ කරා ජනතාව පැමිණ ඇති බවට අනාවරණය වීමත් සමග බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.