ත්‍රිකුණාමලයට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවධානමක්

November 23, 2020 at 10:47 AM

දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 06ක කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර ඉදිරි පැය 24 ක කාලය තුල සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

මෙම පීඩන අවපාතය මේ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 425ක් දුරින් පිහිටා ඇති අතර මෙම පද්ධතිය එම මුහුදු ප්‍රදේශයේ වයඹ දෙසට ගමන් කරමින් හෙට දිනය වන විට දිවයිනේ ඊසානදිග වෙරළබඩ ප්‍රදේශයට ලඟා වෙනු ඇත.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 24ක කාලය තුලදී දිවයිනේ උතුරු සහ නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ නිරන්තර වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70-80ත් පමණ ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශය විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැක.