එක් නිවසක පවුල් කිහිපයක් සිටිනවා – 5000 දීමනාවේ ගැටළුව ගැන විසදන්න දිසාපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා – අමාත්‍ය විමල් විරවංශ

November 23, 2020 at 7:45 AM

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දැනට හුදෙකලා කොට ඇති මෝදර ඇතුළු ප්‍රදේශවල ජනතාවට රජය මගින් සහන සැලසීම ප්‍රමාණවත් නොවන බවට ඔවුන් පසුගිය දින කිහිපයේදී උද්ඝෝෂණය කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය වීමල් විරවංශ අදහස් දක්වමින් කියා සිටියේ රජය විසින් රුපියල් 5000 ක දීමනාවක් නිවසකට ලබා දුන්නත් එක් නිවසක පවුල් කිහිපයක් සිටින බැවින් ඔවුන්ට එලෙස ලබා දෙන මුදල් නිශ්චිත කාලයක් පරිභෝජනය කිරීමේ අපහසුවක් ඇති බවට දිසාපතිවරයා දැනුම් දී ඇති බවයි.

ඒ අනුව එම ගැටළුව විසදීමට අවශ්‍ය උපදෙස් දිසාපතිවරයාට ලබා දී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

වීඩියෝ :

https://fb.watch/1WR9UNNJMi/