ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ එකම දිනකදී සිදුවූ මරණ නොවෙයි – යුද හමුදාපති

November 22, 2020 at 9:42 AM

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ වාර්තා කරන ලද කොරෝනා මරන 05ක් ඊයේ සිදුවූ ඒවා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඊයේ දිනයේ සිදුව ඇත්තේ කොරෝනා මරණ 04ක් පමණක් බවත් අනෙක් 05 ඊට පෙර දින දෙකකදී වාර්තා වූ ඒවා බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

එම මරණවල පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව සියල්ලේම එකතුව ලෙස ඊයේ දිනයේ මරණ 09ක් ලෙස වාර්තා කර ඇතැයිද හමුදාපතිවරයා පවසා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනි නාලිකාවක අද පෙරවරුවේ සාකච්චාවකට එක්වෙමින්.