හෙට සිට කාර්යාල දුම්රිය ධාවනය කෙරෙන කාල සටහන

November 22, 2020 at 4:09 PM

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට (23) සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දුම්රියන් සෞඛ්‍ය අංශ විසින් හුදකලා කළ ප්‍රදේශවල නොනවත්වා ධායනය කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය නවත්වන දුම්රිය ස්ථානපහතින් දැක්වේ.

කොළඹ කොටුව / පොල්ගහවෙල / රඹුක්කන / මහනුවර / ගනේවත්ත / මහව

ප්‍රධාන මාර්ගයේ දුම්රිය නොනවත්වන ස්ථාන,

මරදාන / දෙමටගොඩ / කැලණිය / වනවාසල / හොරපේ / රාගම / වල්පොළ / බටුවත්ත

හලාවත මාර්ගයේ දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන පහතින් දැක්වේ.

කොටුව සිට හලාවත / පුත්තලම 

හලාවත මාර්ගයේ දුම්රිය නොනවත්වන දුම්රිය ස්ථාන,
මරදාන / දෙමටගොඩ / කැලණිය / වනවාසල / හොරපේ / රාගම / පේරලන්ද / කූරණ / මීගමුව / කට්ටුව

කැලණිවැලි මාර්ගයේ දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන 

කොටුව සිට කොස්ගම / අවිස්සාවේල්ල

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය නොනවත්වන ස්ථාන

මරදාන / බේස්ලයින්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටුව සිට පානදුර / කළුතර / අළුත්ගම / හික්කඩුව / ගාල්ල / මාතර/ බෙලිඅත්ත

දුම්රිය ධාවනය වන කාල සටහන් පහතින් දැක්වේ.