IDH රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිත කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම් : කැලෑවක සැඟව ඉන්නා බවට තොරතුරු

November 21, 2020 at 10:38 AM

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසනවා.

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැළියගොඩ පදිංචි මවක්, එම රෝහලේම සිටි වයස අවුරුදු දෙකක් පමණ වන සිය දරුවාද සමග පෙරේදා රාත්‍රියේ රෝහලෙන් පළාගොස් තිබුණා.

එහිදී ඇගේ දරුවා නිවසේ සිටි ඥාතීන් වෙත භාරදී සිටිය දී ඊයේ (20) සොයාගැනුණා.

මෙම කාන්තාව බස්රථයකින් බැසගොස් කිරිඇල්ල නගරයට යාබද කැලෑබඳ ප්‍රදේශයක සැඟව සිටින බවට තොරතුරු ලැබීමත් සමග ඇයව සොයා මේවනවිටත් පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.