රුපියල් 5000 දුන්නේ සතියකින් වියදම් කරන්න නෙමෙයි : මනෝ සහ විමල් අතර උණුසුම් කතාබහක් (VIDEO)

November 21, 2020 at 5:02 PM

කොරෝනා ව්‍යවසනය හේතුවෙන් උතුරු කොළඹ සහ මැද කොළඹ හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාවට ආහාර නොමැතිව දැඩි පිඩාවකට පත්ව සිටින බවට මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

මේ අවස්ථාවේදී ඊට පිළිතුරු දීමට අමාත්‍ය විමල් විරවංශ ඉදිරිපත් වෙමින් කියා සිටියේ හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාවට රුපියල් 5000ක් ලබා දුන්නේ සතියක් ඇතුලත වියදම් කිරීමට නොවන බව කියා සිටියා.

විමල් විරවංශ අමාත්‍යවරයා එලෙස පිළිතුරු ලබාදීමත් සමග ඇතිවුයේ මෙවන් උණුසුම් තත්ත්වයක්.