මීට වසර 2000 කට පෙර ගිනි කඳු පිපිරිමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරූ පොම්පෙයි නගරයෙන් හමුවෙයි (PHOTOS)

November 21, 2020 at 9:34 PM

මීට වසර 2,000 කට පමණ පෙර වීසුවියස් ගිනි කන්ද විධාරණය වීමේදී ඉන් බේරීමට තැත් කළ ධනවත් මිනිසෙකු සහ ඔහුගේ පිරිමි දාසයෙකුගේ ඇටසැකිලි සුප්‍රසිද්ධ පුරාණ පොම්පෙයි නගරයේ තිබී සොයා ගත් බව ඉතාලියේ පුරාවිද්‍යා නිලධාරීන් විසින් අද තහවුරු කරනු ලැබුවා.

ක්‍රි.ව. 79 දී ගිනි කන්ද විධාරණය වී යාමෙන් විනාශ වූ පුරාණ රෝමානු නගරයට නුදුරින් පිහිටි මධ්‍යධරණි මුහුදට මුහුණලා පිහිටි නිවසක වූ නටබුන් අසල සිදුකළ කැනීම් වලදී මෙම මිනිසුන් දෙදෙනාගේ හිස් කබල් සහ ඇටකටු කොටස් හමු වි ඇත. මිට පෙර 2017 වර්ෂයේදී මෙම ස්ථානයේ සිදුකළ කැනීම් වලදී අශ්වයන් තිදෙනෙකුගේ ඇටසැකිලි ද විමර්ශකයින් විසින් සොයා ගන්නා ලදියි.

පොම්පෙයි බලධාරීන් සඳහන් කරන්නේ මෙම පුද්ගලයින් දෙදෙනා වීසුවියස් ගිනි කන්ද විධාරණය වීමට පෙර ඇතිවූ “අළු වැටීමෙන්” ඔවුන් බේරී ඇති බවත් පසුදා උදෑසන සිදු වූ ප්‍රබල ගිනිකඳු පිපිරීමට ගොදුරුවී ඔවුන් මියයන්නට ඇති බවයි.

ගොදුරු වූ දෙදෙනාගේ දේහයන් ගේ පිටේ වැසි ඇති අතර අළු තට්ටුව අවම වශයෙන් මීටර් 2 ක් (අඩි 6.5 ක්) ගැඹුරට තිබී ඇත.