මාතර – තංගල්ල මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුර (PHOTOS)

November 21, 2020 at 10:32 AM

මාතර-තංගල්ල ප්‍රධාන මාර්ගයේ එළියකන්ද ප්‍රදේශයේ දී අද (21) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තක්කාලි ප්‍රවාහනය කරනු ලබන ලොරිරථයක් සහ බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති අතර, ලොරි රථයේ රියදුරු එම ස්ථානයේ දීම මියගොස් ඇත.

අනතුරු සිදුවීමෙන් අනතුරුව විනාඩි 20ක පමණ කාලයක් පුරා දැරූ දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ලොරි රථයේ සිරවී සිටි රියදුරු ඉවතට ගෙන ඇත.

රියදුරු මාතර මහ රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 69ක් වු මාතර, බණ්ඩත්තර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අනතුරින් බස්රථයේ ගමන් කළ පුද්ගලයින් පස්දෙනෙක් ද තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.