මහ බැංකුවේ සේවකයෙකුට කොරෝනා : කාර්යාල කිහිපයක නිලධාරින් නිරෝධායනයට

November 21, 2020 at 11:11 AM

මහ බැංකු සේවකයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මහ බැංකුවේ ආපනශාලා සේවකෙයකු මෙලෙස කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඒ අනුව මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් සියලු දෙනාම ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියා.