අටළුගම ගම්මානය හුදෙකලා කරයි

November 21, 2020 at 12:04 PM

බණ්ඩාරගම, අටළුගම ගම්මානය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

අටළුගම ගම්මානයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 17 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.