කොවිඩ් ආසාදිත මව සහ පුතු IDH රෝහලෙන් පළා යයි

November 20, 2020 at 7:52 AM

කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් සහ ඇයගේ දරුවා කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රීයේ පළා ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම කාන්තාව සහ ඇයගේ දරුවා ඊයේ රාත්‍රී 9.10 ට පමණ රෝහලෙන් පළා ගොස් ඇති අතර ඔවුන් ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙසේ පළා ගිය කොවිඩ් ආසාදිත මව සහ දරුවා සොයා ආරක්ෂක අංශ විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.