වැසි සහිත ප්‍රභල අකුණු ඇති වීමේ අවධානමක් – ගිනිකොන දිග බෙංගාල ආශ්‍රිත ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක්

November 20, 2020 at 4:18 PM

අද සවස් කාලයේදී හා රාත්‍රියේදී දිවයිනේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ගිණිකොන දිග බෙංගාල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාව පවතීන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ධිවර හා නාවික ප්‍රජාවගෙන් මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි.