රියදුරු බලපත් සඳහා අවශ්‍ය වන යෝග්‍යතා වෛද්‍ය සහතිකය ඊ චැනලින් සේවාව මගින් ලබා ගැනීම

November 20, 2020 at 4:27 PM

රියදුරු බලපත් ලබා ගැනීම සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් ලබා දෙන යෝග්‍යතා වෛද්‍ය සහතිකය ඊ චැනලින් (e-Channeling) සේවාව හරහා තමන්ට පහසු වේලාවක් වෙන් කරවාගෙන එම වෙන් කරවා ගත් කාලය තුළ සියලු වෛද්‍ය පරීක්ෂණ සිදු කර වෛද්‍ය සහතික කඩිනමින් ලබා ගැනීමට හැකිවන පරිදි ඒම සේවාව හඳුන්වාදීම අද දින නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දී ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඊ චැනලින් (e-Channeling) සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඒක්ව ගෙනෙන මෙම සේවාව ඕනෑම දුරකථන ජාලයකින් අංක 225 ට ඇමතීමෙන් හෝ ශ්‍රී ලංකා ටෙලිකොම් දුරකථන ජාලය මගින් අංක 1225 ට ඇමතීමෙන් ලබා ගැනීමට මේ අනුව පහසුකම් සැලසේ. මෙම සේවාව දිවයින පුරා පිහිටි සියලුම ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයේ ශාඛා මගින් ද ලබා ගත හැකිය.

මෙම සේවාව හඳුන්වා දීම නිසා පෝලිම්වල රස්තියාදුවීමකින් තොරව, කාලය ඉතිරි කර ගනිමින් රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා වන වෛද්‍ය සහතිකය ලබා ගැනීමට රියදුරු බලපත්‍ර ඉල්ලුම්කරුවන්ට පහසුකම් සැලසේ.