බ්‍රිතාන්‍යයට එන ලාංකිකයින්ට සහනයක් : නිරෝධායනයවීම අවශ්‍ය නොවේ

November 20, 2020 at 11:00 AM

ශ්‍රී ලංකාවේ සිට නැවත බ්‍රිතාන්‍ය බලා යන පුද්ගලයින්ට දින 14 ක ස්වයං නිරෝධායනය තවදුරටත් අවශ්‍ය නොවන බව එරට රජය ඊයේ නිවේදනය කළා.

මීට පෙර ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, හොංකොං, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව ඇතුළු රටවල් 11 ක සිට නැවත පැමිණෙන පුද්ගලයින්ට නිරෝධායනය අවශ්‍ය නොවන බව බි්‍රතාන්‍ය ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණා.

එලෙස නිරෝධායනය අවශ්‍ය නොවන ලැයිස්තුවට ඇතුළත් කෙරෙන්නේ කොරෝනා අවදානම අඩු රටවලට බව සඳහන්.

කෙසේ නමුත්, බ්‍රිතාන්‍යයේ සිට වෙනත් රටවලට සංචාරය කිරීම රැකියා, අධ්‍යාපනය ආදී අත්‍යවශ්‍ය කටයුතුවලට සීමා කර තිබෙනවා.

හෙට සිට ක්‍රියාත්මක එම නව රටවල් ලැයිස්තුවට ඊශ්‍රායලයද ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.