තවත් කොරෝනා ආසාදිතයින් 220ක් : සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 19,000 ඉක්මවයි

November 20, 2020 at 7:08 PM

මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 19,061ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ නව ආසාදිතයින් 220 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වීම ආරම්භ වූ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,550ක් වනවා.

අද දිනය වන විට තවත් ආසාදිතයින් 368 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,271ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට රෝහල් ගතව සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,790ක් පමණයි.