කුඩා දැරියක් ඉදිරියේ අශෝබන ලෙස හැසිරුණු පුද්ගලයා සොයා විමර්ෂණ (VIDEO)

November 20, 2020 at 2:01 PM

බෞද්ධ විහාරස්ථානයක් ඉදිරිපිට බාල වයස්කාර ගැහැණු ළමයෙකුට තම ශරීරය අනවශ්‍ය ලෙස නිරාවරණය වන අයුරින් හැසිරුණු පුද්ගලයෙකුට එරෙහිව කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම පුද්ගලයාගේ ක්‍රියාව ප්‍රදේශයේ සීසීටීවී කැමරාවක සටහන් වී ඇති අතර එය සමාජ මාධ්‍යවල පුළුල් ලෙස හුවමාරු වී තිබේ.

සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ තමා ද මේ පිළිබඳව සොයා බලන බවයි.

වීඩියෝ පටයෙන් අල්ලා ගත් සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන ලෙස රාජ්‍ය කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍ය පියල් නිශාන්තට උපදෙස් දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් අවශ්‍ය පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මේ පිළිබඳව සිදුකල විමසීමකදී ප්‍රකාශ කර සිටියා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනා ගැනීමට සහය දක්වන්නැයි විවිධ පුද්ගලයින් විසින් සමාජ මාධ්‍යවල බෙදාගන්නා ලද වීඩියෝ පටයට ප්‍රතිචාරය දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් අදහස් පළකර සිටියා.

එම වීඩියෝපටය :

https://www.facebook.com/106443839880919/posts/963010380890923/