ලංකාව දිගින් දිගමට ආනයන සීමා පැනවීම ගැන යුරෝපා සංගමය කණස්සල්ලෙන්

November 19, 2020 at 10:42 AM

ශ්‍රී ලංකාව දිගින් දිගටම ආනයන සීමා පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබෙනවා. වෙළෙදාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බවත් වර්තමානයේදී පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම සෘජු විදේශ ආයෝජන වෙතද සෘණාත්මක බලපෑමක් සිදුව තිබෙන බවයි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කලාපිය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකා අරමුණ සාක්ෂාත් කර ගැනීමට ආනයන සීමා කිරීම බාධාවක් බව පෙන්වා දෙන යුරෝපා සංගමය දිගින් දිගටම ආනයන සිමා පැනවීම ලෝක වෙළෙඳ සංවිධානයේ නියාමනයන්ට අනුකූල නොවන බවට ද අවධාරණය කර තිබෙනවා.

යුරෝපා සංගමය විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය පහතින්