මම රජය ෆේල් වෙනවට අකමැති : කොළඹ පුරපතිනිය කියයි

November 19, 2020 at 7:35 PM

කොවිඩ් හේතුකොට ගෙන රජය ෆේල් වෙනවා දැකීම තමන් අකමැති නැති බව කොළඹ පුරපතිනිය රෝසි සේනානායක ප්‍රකාශ කර සිටිනවා. රජයට විතරක් වගකීම දීලා එක එක්කෙනා විවේචනය කිරීම නෙමෙයි අපි කරන්නේ. මෙය දේශපාලනය කරන අවස්ථාවක් නොවෙයි. අපි සියලුදෙනාම මැදිහත්වෙලා මේකෙන් ගොඩ එන්න අවශ්‍යයි, පුරපතිනිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

කොළඹ මහනගර සභා සීමාවේ 4836 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි කොළඹ පුරපතිනි රෝසි සේනානායක ඉන් 229 දෙනෙකු කොළඹ නගර සභාවට අයත් අය බව කියා සිටියා.

“කොළඹ නගරයේ මරණ සංඛ්‍යාව 28යි. කොළඹ මහනගර සභා සීමාවේ සියයට 70ක් පමණ මේ වනවිට හුදකලා තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මට්ටක්කුලියයි මෝදරයි හුදකලා කරලා තියෙනවා නමුත් මහවත්ත, අලුත් මාවත, ලුණුපොකුණ හුදකලා වෙලා නෑ. හුදකලා කරපු අතරමැද්දට හුදකලා නොවිච්ච තැන් කිහිපයක් තියෙනවා. වටේම හුදකලා කරලා මැද ප්‍රදේශ ඇරියාම ඒකේ කටිටිය එහාට මෙහාට යනවා.

ඒ හේතුව නිසාම සමහර හුදකලා කරපු ප්‍රදේශවලත් නිරෝධායනය කරපු අයත් රැකියාවට යනවා. රජයට විතරක් වගකීම දීලා එක එක්කෙනා විවේචනය කිරීම නෙමෙයි අපි කරන්නේ. අපි සියලුදෙනාම මැදිහත්වෙලා මේකෙන් ගොඩ එන්න. මම කැමති නෑ කොවිඩ් හේතු කරගෙන රජය ෆේල් වෙනවට.” යනුවෙන් කොළඹ මහනරග සභාවේ පුරපතිනිය රෝසි සේනානායක සඳහන් කළා.