තර්ජනයක්‌ නොවන ප්‍රදේශ හුදෙකලා භාවයෙන් මුදා හැරීමට අවධානය – යුද හමුදාපති

November 19, 2020 at 12:57 PM

තර්ජනයක් විය හැකි ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශ ලබන සතිය තුළ හුදකලාභාවයෙන් නිදහස් කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

අද උදෑසන රූපවාහිනී වැඩසටහනකට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ දිනවල ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි.

එමෙන්ම, සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය තවදුරටත් යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර මාර්ග සංඥා අසල සිගමන් යදින යාචකයින් සහ ඔවුන්ට මුදල් ලබා දෙන පුද්ගලයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට ද පොලිසිය කටයුතු සිදුකරනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.