කොවිඩ් ආසාදිත වැඩිහිටියන්ට ඔක්ස්ෆර්ඩ් එන්නතෙන් සුභ පුවතක්

November 19, 2020 at 1:55 PM

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සකස් කරන ලද COVID-19 එන්නත මගින් වැඩිහිටියන් ගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය වැඩි කරනා බවට සිදුකළ අධ්‍යනය වලින් හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පළමු හා දෙවන අදියරේ ප්‍රථිපල වලට අනුව COVID-19 හි මරණයට හෝ බරපතල රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානමට ලක්ව ඇති එක් කණ්ඩායමකට ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කර ගත හැකි බව ද ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ පළ වූ දත්ත වලට අනුව.

ඔක්ස්ෆර්ඩ් සරසවිය මේ පිළිබඳව නිවේදනය සිදුකලේ අමෙරිකාවේ Pfizer සමාගම සිය එන්නත මගින් වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට සිය එන්නතේ එලදායිතාවය සියයට 94ක අගයක් ගෙන ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ එය අවසරය ලබා ගැනීමට අපේක්ෂා කරන බවට නිවේදනය කොට දිනක් ගතවීමට පෙර වීම ද සුවිශේෂී කරුණක් වනවා.

ඔක්ස්ෆර්ඩ් එන්නත සොයාගැනීම්වලට සම්බන්ධ පර්යේෂකයින්ට අනුව, “ එන්නත පරික්ෂා කිරීම සඳහා ඉදිරිපත්වූ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ පුද්ගලයින්ගේ ප්‍රතිදේහ ටයිටරයන් වයස් කාණ්ඩ තුනේම (18-55, 56-79, සහ 70 +) ටී සෛල ප්‍රතිචාර දැක්වූ බවයි. දෙවන අදියරේ අත්හදා බැලීම්වලට පුද්ගලයින් 560 දෙනෙකු සහභාගී වූ අතර එහිදී ඔවුන්ට එන්නත් මාත්‍රාවන් දෙකක් හෝ ප්ලේසෙබෝ ලබා දෙන ලදී.

මෙම සායනික පරීක්ෂණ වලදී කිසිදු අහිතකර සෞඛ්‍ය ගැටළුවක් වාර්තා වී නොමැති බවයි ඔක්ස්ෆර්ඩ් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.